මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය

කටුගස්තොට

මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

img-20240910-wa0015-01.jpeg
picsart_24-09-12_15-50-28-817.jpg

   

  •                                             එදා මෙදා තුර සිප්හලක තතු

 

  මූලික අඩිතාලම.....

 

න්ද උඩරට රාජධානියේ  ඓතිහාසික සෙංකලගඩ පුරවරයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාශයෙහි හීනාගම නම් වූ ගමෙහි පිහිටි කුඩා පාසලකි.

එය ස්වාභාවිකවම පිහිටා ඇත්තේ කුඩා කදුගැට්ටක් මස්තකවය. ‘’මහ/කටු සෙනරත්ගම කණිටු විදුහල’ලෙසින් නොව ‘මහ/හාප හීනාගම කණිටු විදුහල’ ලෙසින් මෙය හැදින්වින. නමුදු වර්තමානයෙහි  මෙම පාසල හදුන් වන්නේ පෙර කී ලෙස  ‘මහ/කටු සෙනරත්ගම කණිටු විදුහල’ලෙසිනි. අද්‍යතනයේ  කණිෂ්ඨ විද්‍යාලයක් ලෙස දියුණු වී ඇත.

මෙම විදු පියස එදා පොල් අතු වලින් සෙවන කොට ගොම මැටි ඇති රූ බිමකින් යුත් කුඩාවට ආරම්භ කරන ලද බොහෝ පිරිසකගේ දහඩිය බිදු මතින් ගොඩ නැගුණු පාසලකි.

                                        පාසලක් වශයෙන් ක්‍රි:ව 1956 මුල් භාගයේදී මෙයට මූලික අත්තිවාරම් දැමුණි. පමණින් අක්කර කාලක් වත් ඉතා කුඩා බිම්පෙතක පොල අතු වලින් සෙවන කරන ලදුව ගොම මැටි ඇතිරූ කුඩා කාමරයක් වන් ගොඩනැගිල්ලක මෙය ආරම්භ කරන ලදි. එසේ මෙය ආරම්භ කලේ පාසලක් වශයෙන් නොව පෙර පාසලක් වශයෙන් පැවසුවද සාවද්‍ය නොවේ.

එදා පාසලට තිබු සීමිත සම්පත් අතරින් ලෑලි බංකු කිහිපයකට හා කලු ලෑලි වලට විශේෂ  ස්තානයක් හිමි වේ. ගුරු  මාතාවන් දෙදෙනා සකස් කරගත් නාම ලේඛන වල දිනපතා පමිණෙන සිසුන් සංඛ්‍යාව ලකුණු කරන ලදි.  

ආරම්භ කළ වර්ෂය -1956
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව -01
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව -05
මුල් ගුරුතුමාගේ නම -වත්තේගම
පාසලේ මුල් ගොඩනැගිලි ගණන -01
පාසල පැවැත්වූ ස්ථානය - හීනාගම නම් ගමෙහි