දින දින සව්සිරි බරිනි දිලේවා
සෙනරත්ගම අප විදුහල් මාතා...
දෙස රැස හොබවන ජන බල වේගේ
බස විසුමෙන් ජනිත වූ අනුරාගේ
නිපැයුම් හුරුවෙන් දැය පන ගැන්වේ...
දින දින සව්වසිරි බරිනි දිලේවා
සෙනරත්ගම අප විදුහල් මාතා...
දළදා සමිදුන් රැකවරණය දෙන
නුවණැස වඩවා ඔබ ගෙන් ඔපවන
මහ පඩිවරු බිහි කරවයි මතුදින...
දින දින සව්වසිරි බරිනි දිලේවා
සෙනරත්ගම අප විදුහල් මාතා...
උදාර මිනිසත් ගතිලොව පතුරන
මිණී මුතුවෙන් හෙළ දරු දැරි නැණැ ගුණ
වඩවන ඔබවෙයි අපගේ සිතුමිණ...
දින දින සව්වසිරි බරිනි දිලේවා
සෙනරත්ගම අප විදුහල් මාතා...






