විදුහල්පති පණිවිඩය
L.N. පේරකැටිය මිය
වසර 60 ක බැබළෙන ඉතිහාසයකට හිමිකම් කියන සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පාසල් වෙබ් පිටුවට පණිවිඩයක් ඉදිරිපත් කිරීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකමි. වත්මන් තත්වයකට පාසලේ ප්‍රමිතිය නංවාලීමට මග පෑ හිටපු විදුහල්පතිවරුන් අසිමිත කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු කල ගුරු මහත්ම මහත්මීන් ඉතා ගෙරවයෙන් සිහිපත් කරන අතර, අපගේ මෙහෙවර වන්නේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරමින් නිපුණතාවයන්ගෙන් යුත් අභිමානවත් පෞෂයකින් හෙබි දරුවන් පිරිසක් බිහි කිරීමයි. ඒ සදහා අපගේ කැපවු අධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන්ට ඔවුන්ගේ හැකියාවන් කරා ළගා වීමට අධ්‍යාපනික වශයෙන් හා මානසික වශයෙන් සහය වන්නෙමු. සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සියලු අංශ වලින් දියුණු වු පුද්ගලයන් බවට පත් කරමින් ඔවුන්ගේ වටිනාකම්, නිර්මාණශීලීත්වය වැඩි වන ආකාරයට ගොඩනංවා ගැනීම අපගේ උත්සාහයයි.
වර්තමාන විදුහල්පති ලෙස දරුවන්ගේ ජයග්‍රහණ පිළිබද අතිශය ආඩම්බර වන අතර අප සියලු දෙනා අප පාසලේ දරුවන්ගේ හැකියාවන් වැපිරීම සදහා පාසල තුළ අවස්ථාව සලසා දෙනු ලබයි. ඒ වගේම දරුවන්ගේ හැකියාවන් ඵලදායී ලෙස සමාජයට ගෙන යාම සදහා දරුවන් දිරිගැන්විම හා පෙළඹවීම අපගේ වගකීමක් ලෙස ගෙන සිදු කරනු ලබයි. මෙවැනි හැකියාවෙන් හෙබි ඉතා නිරීමාණශීලී දරුවන් පිරිසක් සිටින මෙම සෙනරත්ගම ගම් පියස අද දින ලෝකයට විවෘත වීමට නව පිටුවක් පෙරලමින් සිටී. මෙම වෙබ් පිටුව සෑදීමට දායක වන පාසලේ සංස්කෘතිය ලෝකයට විදහා දක්වමින් පවත්වා ගෙන යාමට කටයුතු කරනු ඇතැයි සිතමි. තවද ඔවුන් සෙනරත්ගම විද්‍යාලයේ දුවා දරවන් සදහා නව මං පෙතක් විවර කරනු ඇතැයි විශ්වාස කිරමි.
මෙම වෙබ් පිටුව මගින් අපගේ පාසලේ ජයග්‍රහණ දරැවන්ගේ හැකියාවන්, නව සොයා ගැනීම් සහ අධ්‍යාපන හැකියාවන් ලෝකයට ගෙන යාමටත් එම ජයග්‍රහණ තව තවත් වැඩි කර ගැනීමට උපකාර කරනු ඇතැයි සිතමි. ඒ වගේ ම වර්තමාන සෙනරත්ගම කණිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන් තාක්ෂණයේ නව මං සොයා ගනිමින් ලෝකය වෙත තව තවත් ගමන් කරනු ඇත.
අවසාන වශයෙන් වෙබ් පිටුව නිර්මාණය කිරීමට දායක වු සැමට, ඔවුගේ ශක්තිය හා හැකියාවන් තුළින් පාසලේ ඉලක්ක වෙත ලගා කර ගැනිමට හැකි වේවා යි. සුභ පැතුම් ඵල කරන අතර, ස්තූතිය පුද කරමි.
L.N. පේරකැටිය මිය
විදුහල්පති
මප/කටු/සෙනරත්ගම කණිෂ්ඨ විද්‍යාලය.






