
මප/කටු/සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය යනු මනරම් ගම් පියසක අලංකාර කදු ගැටයක් මත පිහිටි විදු පියසකි. එහි ඉගෙනුම ලබන දරුවන් බොහෝමයක් ආර්තික වශයෙන් දරීද්‍රතාවයෙන් පිරුණු පුළුල් පසුබිමක් සහිත වු අය වේ. ඒ නිසා ම ඔවුන්ගේ සාමාජීය වටපිටාව ද අධ්‍යාපනික පසුබිමක් සහිත බවක් නොවේ. නමුත් ඔවුන් සියලු දෙනා විවිධ හැකියාවන්ගෙන් යුක්ත වේ. එම නිසා මෙම දරුවන්ගේ එකම ගැලවුම් කරුවා අධ්‍යාපනය බව මම සිතමි. එම නිසා මෙම විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත. එය සාක්ශාත් කර ගැනීම පිණිසත් ඔවුන්ගේ විවිධ වු හැකියාවන් විවිධ දිශානතීන්ට යොමු කිරිම පිණිස මෙම වෙබ් පිටු විශාල වශයෙන් උදව් වනු ඇතැයි මම සිතමි. ඒ තුලින් රටට දැයට ලෝකයට වැඩ ඇති උගත් බුද්ධිමත් ගුණගරුක දරුවන් පිරිසක් සමාජයට දායාද වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.






